Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th November 2018 15:51:23 Hours

ආඥාපති තුමන්ගේ බලසේනා මුලස්ථාන හා බළප්‍රදේශ සංචාරය

ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු දෙවන නිල සංචාරය වශයෙන් 2018 නොවැමිබර් 08 වන දින 111 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයේ තුළ සංචාරයකරන අතර තුරදී කොත්මලේ වේල්ල, කොත්මලේ ව්දුලි බලාගාරය, වික්ටොරියා වේල්ල , රණ්දෙණිගල විදුලි බලාගාරය, රණ්ටැබේ විදුලි බලාගාරය, හා කරගස්තැන්න, බෝව තැන්න, උකුවෙල යන විදුලිබලාගාරයන් පිහිටා ඇති ස්ථානයන්හි ආරක්ෂාව පිලිබද සොයා බලන ලදි. පසුව 2018 නොවැමිබර් 15 හා 16 වන දිනයන්හි 112 බළප්‍රදේශයේ සංචාරය සිදු කරන ලදි.

එම සංචාරයේ පළමුව 112 බළසේනා මුලස්ථානය හා දෙවනුව 3 (සෙව්) ශ්‍රිලංසිරේ එකකය මෙන්ම තෙවනුව 19 ශ්‍රිලංජාආබමු ඒකකයන්හි සංචාරය කරන අතර, එම සංචාරය සදහා 11 සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා බළෙස්නාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් රැසක් සහභාගි වන ලදි.ඉන් පසු 112 බළසේනා මුලස්ථානයේ සංචාරය අතර තුරදී එම බළසේනාවේ අඩුපාඩුවක්ව පැවැති සෙසුනිළ මුළුතැන්ගෙය ආඥාපති තුමාගේ සුරතින් විවෘත කරන ලද අතර, පසුව 3 (සෙව්) ශ්‍රිලංසිරේ ඒකකයේ භඨපිරිස් අනු කණ්ඩ ස්ථාපනය කර ඇති පිදුරුතලාගල සම්ප්‍රේශණ මධ්‍යස්තානය හා ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය යන ස්ථානයන්හි ආරක්ෂාව පිලිබද සොයා බලන ලදි.

එහිදී එම ස්ථානයන් හි රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින්ගේ සුවදුක් සොයා බැලිමද සිදු කල අතර, පිදුරුතලාගල සම්ප්‍රේශණ මධ්‍යස්තානයේ රාජකාරි කරනු ලබන භඨපිරිස් අනුඛණ්ඩය හට ආඥාපති වෙතින් උණු වතුරස්නානය කිරිම සදහා ඇවැසි උපාංග පරිත්‍යාග කරන ලදි.තවද, 19 ශ්‍රිලංජාආබමු ඒකක බළප්‍රදේශයේ සංචාරයක නිරතවු අතර, එහිදි මවුස්සා කැලේ විදුලි බලාගාරය, කාසල්රි ජලාශය, නොර්ටන් බ්‍රිච්, ව්මලසුන්දර විදුලි බලාගාරයන්හි ආරක්ෂක තත්වය සොයා බැලු අතර,එම සංචාරයේදි සියළුම ස්ථානයන් සනිටුහන් කරනු වස් විශේෂ අමුත්තන්ගේ සමරු පොත්හි සටහන්ද තබන ලදී.