Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th February 2024 09:00:00 Hours

අල්බද්‍රියා මුස්ලිම් විද්‍යාලයේ ශ්‍රමදානමය වැඩසටහන සිදු කිරීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යුධ හමුදා කඳවුරු බල ප්‍රදේශය තුල පිහිටි අල්බද්‍රියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යනයට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම අභිප්‍රාය පෙරදැරිව එම පාසලේ ඉගෙනුම ලබන සිසුදරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් 2024.02.10 වන දින විද්‍යාලයේ අවට වල්බිහිවී ඇති පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.