Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd March 2018 07:55:48 Hours

අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් අතරමන්වුවන් මුදවා ගැනිම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබා දීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රෙද්ශයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බඹර කන්ද වංගෙඩිගල කන්ද ප්‍රදේශය නරඹා 2018.02.27 දින කඳවුරු බැඳ සිටිමට පැමිණි NSBM පුද්ගලික විශ්වවිද්‍යලයේ සිසුන් පිරිසක් අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් තැවත පැමිණිමට උත්සහ කිරීමේදි මාර්ගය සොයා ගැනීමට නොහැකිව අනතුරු දායක තත්වයකට පත්වන ලදි. ඒ බැව් හල්දුම්මුල්ල පොලීසිය මඟින් මෙම මුලය වෙත දන්වා ඔවුන්ව මුදවා ගැනිමට ඇවැසි හමුදා සහය අපේක්ෂා කරන ලදි.

සිදුවීම වර්තාවීමත් සමඟ මෙම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ක්ෂණිකව ක්‍රීයාත්මක වු යුද්ධ හමුදාව 01 x 10 කින් යුත් භට පිරිසක් මුදවා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා එම ප්‍රදේශයේ පැවති අධික සීතල හා අයහපත් කාලගුණ තත්වය නොතකා සෙවීමේ කටයුතු එදින 2330 පැයට ආරම්භ කල අතර, ඔවුන් හට 2018.02.28 වන දින අලුයම 0235 පැයට පමණ අදාල පිරිස සොයාගැනිමට හැකි විය. මුදවා ගැනිමේ භටපිරිස් විසින් කිසිදු ආපදවකින් තොරව එම පිරිස හල්දුම්මුල්ල පොලිසිය වෙත 2018.02.28 වන දින 1030 පැයට පමණ ගෙනවිත් භාරදෙන ලදි.