Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st November 2023 08:29:13 Hours

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය

වාර්ෂික අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරඟාවලිය 2023.11.06 සිට 16 දින දක්වා පවත්වන ලද අතර එහි ත්‍යාග,සහතිකපත් හා කුසලාන ප්‍රධානය කිරීමේ ප්‍රථම අධීයර ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.11.20 දින ප්‍රගුණ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී පවත්වන ලදි.

එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති, ප්‍රගුණ සැඟවුණු වෙඩික්කරු ප්‍රහුණු පාසලේ සේනාවිධායක ජ්‍යෙෂ්ධ නිලධාරී තුමන් ඇතුළු සියළු රෙජිමේන්තු නියෝජනය වන පරිදි ජ්‍යෙෂ්ධ නිලධාරීන්/ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදි. ආඥාපති තුමන් විසින් සහතික පත්‍ර ප්‍රධානෝත්සවය සිදු කිරීමෙන් පසු තරඟාවලිය සඳහා සහභාගී වන ලද භඨ පිරිස් හට ජාත්‍යයන්තර තරගාවලි සදහා සහභාගි විම හා අනවශ්‍ය ලෙස අවි භාවිතා කිරිමට වග බලා ගන්නා ලෙස භඨ පිරිස් හට උප දෙස් ලබා දෙන ලදි.