Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th November 2022 09:00:00 Hours

අන්තර් ජාතික මානුෂවාදී නීතිය පිළිබඳව පුහුණු වැඩමුළුවක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශය යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඇතුළුව ඒකක අණදෙන නිලධාරීන් හා නිලධාරීන් තිස් අටදෙනෙකු සඳහා පුහුණු වැඩමුළුවක් දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ දේශණ ශාලාවේදී 2022.11.16 හා 17 වන දෙදින තුල පවත්වන ලදි.

තවද, Mr Albert Schoneveld, ICRC FAS Regional Delegate, Mr Channa jayawardena, FAS Programme Adviser ICRC Colombo, Ms Verena Neundter, ICRC PEG Regional Delegate යන උපදේශක මඩුල්ල විසින් අදාළ වැඩමුළුව පවත්වන ලදි. “රතු කුරුස සංවිධානයේ කාර්‍යය භාරය සහ ශ්‍රි ලංකාව තුල ක්‍රියාකාරිත්වය, ජත්‍යන්තර මානූෂ්‍යවාදි නීතිය, සන්නද්ධ හමුදා මැදිහත්විම සම්බන්දව මානූෂ්‍යවාදි නීතිය බලපැවැත්වීම ” පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 පාබල සේනාංක මූලස්ථානය හා 12 පාබල සේනාංක මූලස්ථානය ඒ යටතේ පාලනය වන පාබල බසේමු, ඒකක හා පුහුණු පාසල් හී රාජකාරී කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් හා නිලධාරීන්/ නිලධාරිනියන් තිස් අට දෙනෙකු සහභාගි වන ලදි.