Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th May 2024 22:50:14 Hours

අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දීම

යුද්ධ හමුදාධිපති තුමාගේ උදාර සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදාදීමේ ව්‍යාපෘතීන් මේ දිනවල සිදු කරනු ලබයි. ඒ අනුව මෙම ප්‍රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින් හතරවන නිවස සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්මහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ විහාරමහාදේවීපුර ග්‍රාම නිලධාරි වසමේ පදිංච් ස්ථීර නිවසක් නොමැති හතර දෙනෙකුගෙන් යුත් අසංක දිලිප් ප්‍රීයදර්ශන මහතාට නව නිවසක් සඳහා මුල්ගල තැබීම 2024.05.11 වන දින උදැසන සුභ මොහොතින් සිදුකරන ලදි.

තවද, මෙම නිවස සඳහා මුල්‍යමය දායකත්වය ලබාදෙනු ලබන්නේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ජී කොරතොට මහතාගේ ධන පරිත්‍යාගයෙන් වන අතර, මෙම නිවස සෑදීමේ සියලු වගකීම 12 ගරෙ ඒකකය වෙතින් සිදු කරනු ලබයි. මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සි එස් මුණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පිඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි, 12 ගරෙ ඒකක අණදෙන නිලධාරි ඇතුළුව නිලධාරින් සෙසුනිළයින් මේ සඳහා සහභාගි ‍වන ලදි.