Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th December 2021 11:01:21 Hours

අඩු ආදයම්ලාභී දිළිඳු පවුල්වල ගර්භනී මව්වරුන් සඳහා දරු ප්‍රසූථීයේදී අවශ්‍යවන, අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බල ප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි අඩු ආදයම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුත් දිළිඳු පවුල් හී ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් ආඥාපති තුමාගේ මඟපෙන්වීම හා සෘජු අධීක්‍ෂණය යටතේ ප්‍රදේශයේ මව් පදවිය අපේක්‍ෂාවෙන් සිටින ගැබිණි මාතාවන් 25 දෙනෙකු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධී කරණනයෙන් ඇන්කර් ෆොන්ටේරා සාමාගම විසින් එම මව්වරුන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීම සඳහා ඇන්කර් නිෂ්පාදන අඩංගු පාර්සලයක් හා මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ප්‍රසූථීයේදී අවශ්‍යවන, අත්‍යාවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත කට්ටලයක් මාතර කොට්ටේගොඩ බෙලිඅත්ත ශ්‍රී සුදර්මාශ්‍රම විහාරාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍ර වේදී බුද්ධියාම ධම්මසේන හිමිපාණන් වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් එම මව්වරුන් වෙත ලබාදීම 2021.12.09 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේදී සිදු කරන ලදී.

මෙම වැඩසටහන සදහා මෙම මුල බ්‍රිගේඩියර් (පාලන/භාකස) බ්‍රිගේඩියර් ජිකේඅයි විතානච්චි ඒටිඕ, බ්‍රිගේඩියර් (සම්බන්ධි කරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පි, බ්‍රිගේඩියර් (සම්බන්ධි කරණ) (සෙව්) බ්‍රිගේඩියර් එන්ඩිපි ජයතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, හා නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදි.