Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2024 08:00:00 Hours

අඩු අදායම් ලාභී පවුල් සඳහා වියලි සලාක පාර්සල් බෙදා දෙන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) උපදෙස්මත 11 පාබල සේනාංකය සහ 111 පාබල බළසේනාවේ මඟ පෙන්විම යටතේ 4 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් අණදෙන නිලධාරි මේජර් පීකේ වාරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකය අනුව සිදුකරන ලදී.

තවද, සිවිල් සමාජය හා යුද්ධ හමුදාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව අඩු ආදායම් සහිත ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා ශක්තියක් වෙමින් කුමා විරසූරිය මහතා ඇතුළු මිතුරු කැළගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය මත මෙම ඒකක බළ ප්‍රදේශයේ ඇඹුල්අබේ සහ කිරලගොල්ල ග්‍රාම නිලධාරි වසම් හි ජිවත්වන අඩු ආදායම් ලබාගින්ගේ විස්තර ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් තොරාගනිමින් ඔවුන් වෙනුවෙන් එක් පවුලකට රු 7000.00 ක මුල්‍ය වට්නාකමකින්යුත් අත්‍යවශ්‍ය අහාර ද්‍රවය අඩංගු වියලි සලාක පාර්සල් 100 ක් පවුල් 100 ක් සඳහා කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාල ශාලාවේදි 2024.06.28 වන දින පවත්වන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී,කුමා වීරසූරිය සහ මිතුරු කැළ, දඹුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති,දඹුල්ල සම්පත් බැංකුවේ කළමනාකාර,කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තුමිය සහාභාගි වූ අතර එම අවස්ථාවේ ලෙනදොර ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් විසින් විචිත්‍රවත් නර්තන අංගයන් ඉදිරිපත් කරන ලදී.