Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2019 09:20:32 Hours

S 5 සංකල්පය තුලින් රටේ ඵලදායිතාවය හා කාර්යික්ෂමතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ දේශනයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව මගින් එදිනෙදා රාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යාක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද පිලිබඳව අගනා දේශනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 11 වන සේනාංකාධිපතිගේ පුර්ණ අධික්ෂණය යටතේ 2019.01.29 වන දින 0900 පැයේ සිට 1230 පැය දක්වා 11 සේමු ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව එම දේශනයේ ප්‍රධාන දේශක වශයෙන් ජාතික ඵලදායිතා සම්මේලණනයේ නියෝජිතයින් වශයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කර්‍යයාලයේ රාජකාරි කරන ඉනෝකා දිල්හානි තිසේරා මහත්මිය හා අමිල අතුකොරල මහතා සහභාගි වු අතර, ඵලදායිතාවය යන්නෙහි අර්ථකතනය පිළිබදව මනා අයුරින් පැහැදිලි කර දී එමගින් කාර්යාක්ෂමතාවය, පිලිවෙල පිරිසිදුභාවය හා ප්‍රතිඵලදායිතාවය පිළිබඳව විස්තරාත්මකව පැහැදීලි කරදෙන ලදි. තවද, මෙම දේශනය සදහා එම සේනාංකය හා යටතේ පාලනය වන බසේමු/ඒකක/පුපාහි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් මෙන්ම භඨපිරිස් 20X180 ක ප්‍රමාණයක් සහභාගි වන ලදී.