Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2020 14:40:23 Hours

PCR පරික්‍ෂණය සම්පූර්ණ කළ තවත් 78 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

කහගොල්ල, සහ 1 ගැහේබ යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් PCR පරික්‍ෂණය සම්පූර්ණ කළ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.11 වන දින වෛද්‍ය උපදෙස් හා ඵ්Cර්‍ සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.

තවද රත්නපුර,ගාල්ල, බදුල්ල, සහ කළුතර වැනි ප්‍රධාන දිස්ත්‍රිකයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ PCR පරික්‍ෂණයට ලක් වූ එම පිරිස් හට ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන ලදි.