Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th April 2021 12:01:50 Hours

GIS තාක්‍ෂණය පිළිබද දේශණයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත GIS තාක්ෂණය පිළිබද දේශණයක් 2021.04.07 වන දින 0930 පැයේ සිට 1230 පැය දක්වා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරිමේ ආයතන දේශණ ශාලාවේදී පවත්වන ලදි.

ඒ සඳහා දේශක වශයෙන් එන් ඒ විජේරත්න ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමන් විසින් ඉතා අගනා දේශණයක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදුන් අතර, ඒ සඳහා පාබල සේනාංක මුලස්ථාන, පාබල බලසේනා මූලස්ථාන සහ ඒකක ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් හා සෙසුනිළයින් පිරිසක් සහභාගි විය.