23rd February 2025 21:28:49 Hours
අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ සම්බන්ධිකරණයෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ පලමු අධිරය යටතේ පාසල් 40 ක ප්‍රමාණයක් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යුධ හමුදා භට පිරිස් මුලිකත්වයෙන් පාසලෙහි විදුල්පති ඇතුළු කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, දෙමාපියන් සහ දුවා දරුවන් සහභාගීත්වයෙන් පිරිසිදු හා ලස්සන වටපිටාවක් පාසල තුල නිර්මාණය කිරීම පෙරදැරීව අද දින වැඩ සටහන ආරම්භ කරන ලදි.
මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 11 පාබල බසේමු වලට අයත් පාසල් 23 ක්ද , 12 පාබල බසේමු වලට අයත් පාසල් 23 ක්ද සේනාංකාධිපති වරුන්ගේ අධික්ෂණය යටතේ 2025.02.20 දින සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරන ලදි