Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2020 14:50:30 Hours

9 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් රුධිර පරිත්‍යාග කිරිමේ ව්‍යාපෘතියකට දායක වෙයි

දැනට උද්ගතවී ඇති කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් රෝගී තත්වයට පත් අයවළුන් සඳහා ත්‍රිවිද හමුදා සමාජිකයින් වෙතින් ලේ පරිත්‍යාග කිරිමට කයයුතු සිදුකරදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂක විසින් යුද්හමුදාධිපතිතුමා වෙතින් ඉල්ලිමක් කර ඇත .

ඒ අනුව 12 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමග සම්බන්දතාවයෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් 9 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේතුවේ රාජකාරි නියතු භඨපිරිස් විසින් 2020.04.09 වන දින රුධිරය පරිත්‍යාග කිරිම සඳහ පුර්ණ දායකත්වය ලබාදෙන ලදි. ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරිහට මෙන්ම සහභාගි වු භඨපිරිස් හා සමස්ථ යුද්ධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් සංවිධායක මණ්ඩලය විසින් හදපිරි කෘතඥතාවය ප්‍රකාශ කරණ ලදි.