Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th August 2024 08:00:00 Hours

75 වැනි යුද හමුදා දින සංවත්සරයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් පරිදි,12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් රුක් රෝපණ වැඩසටහනක් 2024 අගෝස්තු 26 වන දින සංවිධානය කරන ලදී.

ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් ව්‍යාපෘතියේ ආරම්භය සංකේතවත් කරමින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර එදින 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 121 පාබල බසේමු, 122 පාබල බසේමු හා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා බලකාය, 12 ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණි කදවුරු භූමි තුල භඨ පිරිස් විසින් රුක් රෝපණය කරන ලදී.

මෙම වැඩ සටහන යුද හමුදා කඳවුරු, රජයේ පාසල්, වන රක්ෂිත සහ වැව් ජල පෝෂක ප්‍රදේශයන් ආවරනය වන පරිදි භඨ පිරිස් විසින් සියඹලා, බුළු, බුරුත, මී, ඇහැල, මාදම්, කොහොඹ, නා, තෙලබු, තේක්ක, ඇත් දෙමට,පලු සහ දිවුල් පැල පැළ 5000 ක් රෝපණය කරන ලදි.