21st August 2024 08:00:00 Hours
ආරක්ෂ සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ රාජකාරිකරනු ලබන නිලධාරි/සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල් හටද මහත් සේවාවක් ලබාදෙනු ලබන්නේ දියතලාව යුධ හමුදා රෝහල විසිනි. යුධ හමුදා රෝහලෙහි සිමිත භටපිරිස් ප්‍රමානයක් රාජකාරින් වල නිරතව සිටින බැවින් ඔවුන් හට පැවරි ඇති රාජකාරින් සමග මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රෝහල් භූමිය අවට පවිත්‍ර කර නඩත්තු කිරීම අපහසුවී ඇත. 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂකසේනා (මධ්‍යම) ආඥාපතිමේජර් ජෙනරාල් බි කේ ජි එම් එල්රොද්රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 2024.08.21 වන දින දියතලාව යුධ හමුදා රෝහලේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කරන ලදි.
මේ සඳහා ආරක්ෂකසේනා (මධ්‍යම), භකාස අණසක (මධ්‍යම) සහ ඒ යටතේ ඇති ඒකක වල නිලධාරින් හා සෙසු නිලයින් 150 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් දවසපුරා සිදු කරන ලදි.