Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2023 08:50:58 Hours

74 වන යුද්ධ හමුදා දිනය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 74 වන යුද්ධ හමුදා දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.

තවද, බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උදෑසන යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීතය වාදනයෙන් අනතුරුව 74 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුභාසිංශන පණිවුඩය ඉදිරිපත් කරමින් දවසේ වැඩ ආරම්භ කරන ලදි.

74 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගලවා ඉවත් කරන ලද හෙක්ටයාර් 3.4 යුතු පයිනස් වගාව වෙනුවට දේශිය පැල 5000 ක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පළමු අධියරයේදි දේශීය ශාක පැල 500 ක් 2023.10.10 දින දියතලාව නරියකන්ද උතුරු ප්‍රදේශයේ සහ 8 ශ්‍රීලයුසේබ කඳවුරු භූමිය තුල සිටුවන ලදී.මේ සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුලු නිළධාරීන් හා සෙසු නිලයන් සහභාගි වන ලදී.