Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2022 08:30:40 Hours

73 වන යුද්ධ හමුදා දිනය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 73 වන යුද්ධ හමුදා දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.

තවද, මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උදෑසන යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීය වාදනයෙන් අනතුරුව 73 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුභාසිංශන පණිවුඩය ඉදිරිපත් කරමින් දවසේ වැඩ ආරම්භ කරන ලදි. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් හා දියතලාව වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් කඳවුරු භූමිය තුල කුඹුක්, කොස්, මී පැල රෝපණය කිරීමෙන් පසු කහගොල්ල ශ්‍රි ඥාණාරාම ආරණ්‍ය සේනාසනයේ සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි.

යුද්ධ හමුදා දිනයට සමගාමීව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් මෙන්ම සෙසු නිලයින් සහභාගිත්වයෙන් සියළු නිල දිවා ආහාර භෝජන සංග්‍රහයගක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන් මාලාව නිමා කරන ලදි.