Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th February 2020 11:34:58 Hours

72 වන නිදහස් සැමරුම ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම අඩාම්බරයෙන් සමරයි

ශ්‍රි ලංකාව ඉංග්‍රිසි පාලන යටත් විජිත රජයෙන් නිදස්ව 2020.02.04 වන දිනට වසර 72ක් සපිරෙන මොහොත සනිටුහන් කරමින් මෙම මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා බ්‍රිගේඩියර් පාලන/භකාස වශයෙන් රාජකාරි ඉටුකරන ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනාගේ පුර්ණ අධීක්‍ෂනයෙන් හා සහභාගිත්නයෙන් යුතුව නිලධාරින් හා සෙසුනිලයින් සහභාගිත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් සිදු කරන ලදි.

එම වැඩ නිමැවීමෙන් පසුව ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මුලස්ථාන ධජයන් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි හා බ්‍රිගේඩියර් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදදෙනාගේ සුරතින් ඔසවා සැවොම එක්ව ජාතික ගිය ගායනා කරන ලදි.