Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th October 2020 12:06:41 Hours

71 වන යුද්ධ හමුදා දිනය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරයි

71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උදෑසන යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීය වාදනයෙන් පසු දවසේ වැඩ ආරම්භ කරන ලදි.

තවද, ආඥාපති තුමන් විසින් කඳවුරු භුමිය තුල අඹ පැලයක් රෝපණය කළ අතර, යුද්ධ හමුදා දිනයට සමගාමීව නිල උසස් විම් ලැබු නිලධාරින් සහ සෙසු නිලයින් හට සුභපැතිමෙන් අනතුරුව අඥාපති තුමාගේ සහභාගිත්වයෙන් මෙම මූල සෙසු නිල භෝජනාගාරයේදී සියළු නිලයන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.