Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th February 2019 16:37:40 Hours

71 වන බදුල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුම් උත්සවය

71 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුම් උත්සවය ඌව පලාත් අණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019.02.04 වන දින 0800 පැයේ සිට 1300 පැය දක්වා ආගමික නායකයින් ඇතුළු මැති ඇමතිවරුන් හා ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.

එම උත්සව කටයුත්ත සදහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 18 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තුර්යදවාදක කණ්ඩායම් ඇතුළුව සම්මාන පෙළපාපාලියක් පැවැත්වු අතර, ඒ සදහා 112 බසේමු වෙතින් යුද්ධ හමුදා සාමාජිකයින් 02x33 ක සරඹ කණ්ඩයක් සහභාගි වන ලදි. තවද, පාසල් ළමුන්ගේ සංස්කෘතික නර්ථනයන් හා ආදිවාසින්ගේ නර්ථනාංගයන් සමගින් උත්සව කටයුත්ත නිමාවට පත්වන ලදි.