Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th October 2019 11:02:36 Hours

70 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව වැඩසටහනක් පැවැත්වීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රමා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා රාජකාරි නියුතු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගිත්වයෙන් මෙන්ම ස්වෙච්ඡා පුහුණු පාසලේ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගිත්වගෙන් හා සියළුම සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් 2019.10.10 වන දින 70 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදා ධජය ඔසවා ජතිකගිය මෙන්ම යුද්ධ හමුදා ගිතය සැමදෙනා එක්ව ගායනා කරන ලදි.

පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිධාරිතුමා විසින් සමස්ථ යුද්ධ හමුදා සමාජිකයන් උදෙසා නිකුත් කරන ලද පනිවිඩය මෙම මුල දෙවන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් සියළුම නිලයින් හට දැනුම් දෙන ලදි. ඉන් අනතුරුව තවත් එක් අංගක් වශයෙන් දියතලාව ආයුරුවේද රෝහල් පරිශ්‍රයේදි ශ්‍රමදාන කටයුත්තක් සිදු කරණ අතර, සමස්ථ යුද්ධ හමුදාව සිවිල් ජනතාවගේ විශේෂ අවදානයට ලක් විය.