Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th January 2022 15:46:25 Hours

7 වන ශ්‍රිලංකා පොලිස් හේවා බළකා ඒකකය වෙතින් බොලිබෝල් තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් තරඟාවලියක් 2021.12.08 වන දින ආසේමු මධ්‍යම මුතුකුමරු ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

මෙම වොලිබෝල් තරඟාවලිය සඳහා කරමින් ආසේමු (මධ්‍යම), 7 වන සංඥා බලකාය, 8 වන බුද්ධි බළකාය, 7 වන පොලිස් හේවා බළකාය, 17 වන ඉංජිනේරු බළකාය, 8 වන පොදුසේවා බළකාය, 2 වන ස්වේච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය,‍‍‍ 4 වන ස්වේච්ඡා යුදඋපකරණ බළකාය යන ඒකකයන් සහභාගි වු අතර, අවසන් මහා තරඟය සඳහා 7 වන සංඥා බලකා කණ්ඩායම සහ 7 වන පොලිස් හේවා බළකාය කණ්ඩායම සුදුසුකම් ලැබූහ.

තවද, අවසන් මහ තරඟය 2022.01.26 වන දින පැවැත් වු අතර, කණ්ඩායම් දෙකෙන්ම උණුසුම් තරඟයක් තිබු අතර,7 වන සංඥා බලකා කණ්ඩායම වට දෙකෙන්ම ජයග්‍රාහානය ලබා ගන්නා ලදී. අනු ශූරතාවය 7 වන පොලිස් හේවා බළකා කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී. තවද, තරඟයේ හොඳම පන්දු උසවන්නා ලෙස සෙ/281208 සැරයන් සම්පත් ඩිපිඒ ආර්එස්පි, හොඳම පන්දුවට පහර දෙන්නා වශයෙන් 282335 කෝප්‍රල් බණ්ඩාර පීඑස් යන දෙපල පිදුම් ලබයි.

ජයග්‍රාහි කණ්ඩායම් වලට කුසලාන ආඥාපති තුමලන්ගේ සුරතින් ලබා දුන් අතර, මෙම අවස්ථාව සඳහා අසේමු මධ්‍යම බ්‍රිගේබියර් පාලන/භකාස තනතුර හොබවන කර්නල් එන්ඒඑස්එන් නානුමිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරි වරුන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.