Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th October 2018 19:49:44 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව 11 සේමු වෙතින් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, එහි එක් අංගයක් වශයෙන් 11 වන සේනංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි 2018.10.04 සහ 05 යන දෙදින තුල ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.

එම ශ්‍රමදාන වැඩසටහන සදහා සේනාංකයේ රාජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින් 02x50 ක සෙබළ පිරිසකගේ ශ්‍රමදාන දායකත්වය ලබා දුන් අතර, මෙහිදි එම රෝහල් සංකිර්ණයෙහි වාට්ටු අංක 19 තින්ක ආලේප කිරිමක්ද සිදු කරන ලදි. එමෙන්ම යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කර පවත්වන ලද මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව නිම කිරිමෙන් පසු එම රෝහලේහි අධ්‍යක්ෂක ඇතුළු කාර්යය මණ්ඩලය යුද්ධ හමුදාධිපති තුමා ඇතුළු සමස්ථ යුද්ධ හමුදාවටත් මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා ශ්‍රමදායකත්වය ලබාදුන් නිළධාරි/සෙනින්ටත් තම හෘදයාංගම ස්තුතිය පුදකරන ලදි.