Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2018 12:13:06 Hours

69 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව 11 සේනාංකය වෙතින් ධජ පෙළ පාලියක් සිදු කිරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා දිනය නිම්ති කොටගෙන මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පුර්ණ අධික්ෂණය මත ධජ පෙළපාලියක් 2018.10.11 වන දින අභිමානවත් අයුරින් විශාල භඨපිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර නගරයේදි සිදු කරන ලදි.

ඒ අනුව ධජ පෙලපාලිය සදහා 11 වන සේනාංක බළප්‍රදේශයේ ඇති බසේමු/එකක/පූපා වෙතින් භටපිරිස් සහාභාගි වු අතර, මහනුවර මුල්ගම්පල ආර්පකෝ වෙළද සංකීර්ණය අසලින් පෙරවරු 0900 පැයට ආරම්භ කර 2 (සෙව්) ශ්‍රිලංසීරෙ කදවුර අසලින් නිමකරන ලදී.