Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th July 2024 21:38:45 Hours

6 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් මියගිය ලාකෝ රණසිංහ ජේඒපි යන රණවිරුවාගේ දියණියට උසස් අධ්‍යපන කටයුතු සඳහා මුල්‍යමය ආධාරයක් ලබාදීම

මව්බිම කුරිරු ත්‍රස්ත්‍රවාදිගෙන් බේරාගැනීමට දිවි පරදුවට තබා ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් සිටියදි 6 ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් සෙ/34661 ලාකෝ රණසිංහ ජේඒපි යන කොමිෂන් නොලත් නිලධාරි 1999 වර්ෂයේ ක්‍රීයාන්විත රාජකාරියේ යෙදි සිටියදි මියගොස් ඇත.

එම රණවිරුවාට දාව ජේපි නයෝමී දේදුනු යන ශිෂ්‍යාව පිය සෙනෙහස අහිමිව සිටියත් නොපසුබට උත්සහය හා ධෛර්යෙන් යුතුව කටයුතු කිරීම තුලින් විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට තරම් වාසනාවන්ත විය. ඇය දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන අතර, ඇයගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීම සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බිකේජිඑම්එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මැදිහත්වීමෙන් ධානපති ව්‍යාපාරිකයෙකු වන බණ්ඩාරවෙල චාන්දනි බේකරි සමුහ ව්‍යාපාරයේ අධිපතිණිය වන උදානී මහත්මිය මුල්‍යමය පරිත්‍යාගයක් 2024 ජුලි මස 14 වන දින සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිද, ධානපතිනි උදානී මහත්මිය ද, බළඇණි පුහුණු පාසල කහගොල්ල සේනාවිධාකද, ආරක්‍ෂක සේනා (මධ්‍යම) කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ගැමුණු හේවා බලකායේ සේවා වනිතා සංගමයේ සමාජිකාවන් පිරිසක් සහභාඟිවි සිටියහ.