Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th June 2018 14:22:20 Hours

3 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් දානමය පිංකමක් සිදුකිරීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් හා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා අධික්ෂණය යටතේ මෙම මුල බලප්‍රදේශයේ 112 බළසේනා මුලස්ථනය යටතේ ස්ථානගත 3 (සෙව්) ශ්රි‍ලංකා සිංහ රෙජිමේන්තු පාලන බලප්‍රදේශයේ කොත්මලේ මහවැලි මහා සෑ සමිදුන් අභියසදි විශේෂ පිංකමක් 2018.06.02 වන දින සිදුකරන ලදි.

ඒ අනුව මෙම පුණ්‍ය කටයුත්ත සඳහා කොළඹ ආරියමග්ග සංවිධානය විසින් යුද්ධ හමුදාධිපති තුමන්ගෙන් කරණ ලද ඉල්ලිමකට අනුව 3 (සෙව්) ශ්රිමලංකා සිංහ රෙජිමේන්තුව විසින් භික්ෂු භික්ෂුණින් වහන්සේලා 359 දෙනෙකු සඳහා නවාතැන් අවශ්‍යතාවයන් මෙන්ම ගිලන්පස පිළිගැන්විම, දානය පිළියෙල කිරිම, දානය පිළිගැන්වීම හා උපස්ථාන කිරිම් වැනි විවිධ වු කර්තව්‍යයන් ඉටු කිරිම සඳහා 04 x 60 කින් යුත් භඨපිරිසක් සහභාගි කරවන ලදි.