Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd March 2025 10:30:01 Hours

3 වන ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බළඇණි පුහුණුවීම් සිදුකිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබළ බළඇණි වර්ථමාන හා අනාගත අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි ඒකකයන්හි ඵලදායිතාවය, කාර්යක්‍ෂමතාවය සහ සමුහිකව වැඩකිරීමේ හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ආරම්භකර ඇති බළඇණි පුහුණුවීම් පාඨමාලා මේ වන විට සිදුකරමින් පවතී.

ඒ අනුව 3 වන ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බළඇණි පුහුණුවීම් පාඨමාලාව 2025.01.18 වන දින සිට යුහපුපා - මාදුරුඔය පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර් එම් එස් රත්නායක RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

මෙහිදි ප්‍රධාන වශයෙන් ශාරීරික අභ්‍යාස, යුධ බාධක තරණය, වෙහෙසකර පා ගමන්, පුවරු අතර ගමන් කිරීම(දිවා/රාත්‍රී), ටේලර් මේඩ් අභ්‍යාසය, ජිව වෙඩි තැබිම්, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, පුහුණුවීම්, ලිඛිත පරික්ෂණ, භඨ නිවාස පරීක්‍ෂණ, බළඇණි ඉදිරිපත් කිරිම්, කණ්ඩායම් ඉදිරිපත් කිරිම් සහ වනගත අභ්‍යාසයන් සාර්ථකව සිදුකර බළඇණියක් වශයෙන් 78.74% ක ඉහළ ප්‍රතිශතයක් සහ A සාමාර්ථයක් ලබාගනිමින් සාර්ථකව නිමකර ඇත. ඒ අනුව එම පාඨමාලාවේ අවසන් දේශණය 2025.03.22 වන දින 12 වන පාබල සේනාංක මුලස්ථාන නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ඒආර්සි විජේසුරිය ආර්එස්පි යුඑස්පී එන්ඩිසී විසින් සිදුකර පාඨමාලාව අවසන් කරන ලදී.