Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd March 2021 18:42:11 Hours

23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 122 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය ඉරිදා (14) දින කතරගම සහ ඒ අවට ප්‍රදේශවල සිට වැඩිහිටිකන්ද දක්වා ගමන් ගන්නා මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පි කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බී එම් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.