30th November 2024 18:01:05 Hours
23 වන බළඇණිය විජයබාහු රෙජිමේන්තුවේ 15 වන බළ ඇණි සංවත්සරය ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් එම් එල් කුමාර් එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් 2024.11.24 වන දින සමරන ලදි.
ඒ අනුව එම ඒකකයේ භඨ පිරිස් විසින් අණදෙන නිලධාරි වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළ පාළියක් උසස් අයුරින් පිරිනැමිමෙන් පසු අණදෙන නිලධාරි විසින් කඳවුරු භුමියේ පැලයක් රෝපණය කර ඒකකයේ රාජකාරි කරනු ලබන නිලධාරින් හා සෙසුනිලයින් ආමන්ත්‍රණය කර සියළුනිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන දිවා භෝජන සංග්‍රහයෙන් පසු අණදෙන නිලධාරි සියළුනිලයින් සමඟ සුහද පිළිසඳරක නිරතවී සංවත්සර උත්සව මාලාව අවසන් කරන ලදි.