Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th April 2025 08:45:11 Hours

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් පැවැත්වු බක්මහ සැණකෙළිය

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2025 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2025 අප්‍රේල් මස 09 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් හෙළ චාරිත්‍ර වලට මුල් තැනක් ලබාදෙමින් දියතලාව මුතුකුමාරු ක්‍රීඩාංගනයේදි බක්මහ සැණකෙළියක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ සුරතීන් චාරිත්‍රනුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව බක්මහ සැනකෙළිය නිලවශයෙන් ආරම්භය සනිටුහන් කර, එම මෙහොතේ සිට පුරා පැය හයකට වැඩි කාලයක් තුල හෙළ ජන ක්‍රීඩා (ගම හරහා දිවිම, ලිස්සන ගහ නැගිම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, කණා මුට්ටි බිදීම, කොට්ටාපොර, බාධක දිවීම, සංගීත පුටු තරඟය, සහ 2025 අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය) තරග රැසකින් බක්මහ සැණකෙලිය වර්ණවත් කරමින්, එම ජන ක්‍රීඩා අවසානයේ ජයග්‍රාහණය කරනු ලැබු ජයග්‍රහකයින් හා කණ්ඩායම් වෙත එළිෆන්ටි හවුස් සමාගමේ සහ ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ් ආයතනයේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් මුදල් ත්‍යාග සහ වටිනා ත්‍යාග ආඥාපති තුමන්ගේ සුරතින් පිරිනැමීමට කටයුතු කිරීමෙන් පසු බක්මහ සැණකෙළියේ සමාප්තිය සනිටුහන් කරන ලදී.

2025 බක්මහ සැණකෙළිය සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්, ආඥාපති භකාස අණසක (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි, කර්නල් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි, මෙන්ම ආරක්‍ෂක සේනා (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිළයන් මෙන්ම එම පවුල් වල සාමාජිකයින් හා දුවා දරුවන්ද උත්සවය සඳහා සහභාගි වන ලදි.