03rd January 2025 11:44:21 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය උදා වු 2025 නව වසර සඳහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.01.01 වන දින සිදුකරණ ලදි.
වැඩසටහන ආරමිභ කරමින්, 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ නියෝජ්‍ය සේනාංකාධිපති විසින් ජාතික ධජය හා සේනාංක ධජය එසවිමෙන් අනතුරුව සියළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනාකර, දේශය වෙනුවෙන් දිවි පිදු සියළු රණවිරුවන් වෙනුවෙන් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදි.
අනතුරුව සියළුම නිලධාරි හා සෙසුනිලයින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදිමෙන් පසු යුද්ධ හමුදාධිපති තුමන්ගේ නව වසරේ සුභාසිංසන පණිවිඩය ප්‍රකාශයට පත්කරන ලද අතර සේනාංකාධිපති ඇතුළු සියළු නිලයින් තේ පැන් සංග්‍රහයකට සහභාගි වී පළමු දින වැඩසටහන නිමා කරන ලදි.