01st January 2024 17:47:27 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2024 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024.01.01 වන දින පවත්වන ලදි. රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි.
තවද, සියළුම නිලධාරි/සෙසුනිළයින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදිමෙන් පසු යුද්ධ හමුදාපති තුමන්ගේ නව වසරේ සුභ පැතුම ප්‍රකාශයට පත්කරන ලදී. අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සියළුම නිළයින් ඇමතූ අතර, ලැබූවා වු නව වසරට සුභපැතුම් එක් කරමින් නව වසරේ ක්‍රමවත්ව රාජකාරී ඉටුකරන අයුරු පහදා දෙන ලදි. චාරිත්‍රානුකූලව සකස්කරන ලද තේ පැන් සංග්‍රහයක් මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර අනතුරුව සියළු නිළයින් නව වසරේ පළමු රාජකාරි දිනයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.