Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2022 15:23:37 Hours

2022.02.17 වන දින පැරකුම් ගොවි සංවිධානයේ නිරීක්‍ෂණ සංචාරය

2022.02.17 වන දින පැරකුම් ගොවි සංවිධානයේ නිරීක්‍ෂණ සංචාරය අතිගරු ජනාධිපති තුමන්ගේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක කාබනික කෘෂිකර්මාන්තය යථාවත් කිරීම යුද්ධ හමුදාධිපත් තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත යුධ හමුදාව මගින් දිවයිනේ කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවි මහත්ම/මහත්මීන් දිරිගැන්වීම සඳහා කඳවුර අවට ප්‍රදේශයන්හී පදිංචි කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි පවුල් දිරිගැන්වීම සහ උපදෙස් ලබාදීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 2022.02.17 වන දින මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හරිත කෘෂී කර්මාන්තය පිළිබද භාරව කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් (සම්බන්ධිකරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම ගොවි සංවිධානයේ සාමාජිකයින් සමඟ විවෘත පිළිසඳරක නිරත වූහ.

ඒ අනුව යුධ හමුදාව මගින් ඔවුන්ගේ වගාවන් කාබනික තත්වයෙන් පවත්වාගැනීම සඳහා වන අවශ්‍යතා මොනවාද යන්න මෙන්ම කාබනික වගාවන් කෙරෙහි වර්තමානයේ පවතින ගැටළු හදුනාගැනීම වෙනුවෙන් මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සෘජු මඟපෙන්වීම මත ආරම්භ කරන ලද “පැරකුම් ගොවි සංවිධානය” සාමාජිකයින් සමග සාකච්ඡා කරණ ලදි.

එම ගොවි සංවිධානයේ වත්මන් සභාපති වන ආර්එම් අමිත රත්නායක මහතා විසින් දිවයිනේ හොඳම ගෙවතු වගාවට හිමි රන් සම්මාණය 2015 වර්ෂයේ හිමිකරගෙන ඇති බව අදාල කථිකාවේදී අනාවරණය විය. ඒ අනුව තවදුරටත් එම ගොවි සංවිධානය ක්‍රමවත්ව පවත්වාගනෙ යෑමට මෙන්ම කාබනික වගාවන් කෙරෙහි නැඹුරු කිරීම වෙනුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උපදෙස් ලබාදී සහභාගි වූ ගොවි පවුල් සඳහා එක් ගොවි පවුලකට රාබු බීජ ග්‍රෑරැම් 200 ක ප්‍රමාණයේ පැකැට් බෙදාදීමක්ද සිදුකරන ලදී.