Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th January 2022 17:49:54 Hours

2022 නව වසර උදාව - ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2022 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් ද සිල්වා අර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.01.03 වන දින 0900 පැයට පවත්වන ලදි. රාජකාරි නියුතු නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි

තවද, සියළුම නිලධාරි/සෙසුනිළයින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදිමේ පසු ආඥාපති තුමන් විසින් සියළුම නිලයින් ඇමතූ අතර, ලැබූවා වු නව වසරට සුභපැතුම් එක්කරමින් නව වසරේ ක්‍රමවත්ව රාජකාරී ඉටුකරන අයුරු පහදා දෙන ලදි. අනතුරුව චාරිත්‍රානුකූලව සකස්කරන ලද තේ පැන් සංග්‍රහයක් ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. පසුව රාජකාරි සුභ මොහොතින් ආරම්භ කරන ලදි