Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd February 2021 10:04:08 Hours

2021 නව වසර උදාව - ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම)

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) උදා වු 2021 නව වසර 2020.01.01 වන දින උදෑසන කාලයේදි වැඩසටහන් මාලාවක් පවත්වා උදා වු 2021 නව වසර සමරන ලදි. එම උත්සව මාලාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වු අතර, ප්‍රථමයෙන් ශ්‍රි ලංකා ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි.

තවද, නව වසර උදාව වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති, සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් නිකුත් කරන ලද පණිවුඩය මේජර් ඒ එම් එස් අලහකෝන් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රකාශයට පත්කරන ලදි. ඉන්පසු ආඥාපති තුමන් විසින් සියළුම නිලයින් ඇමතූ අතර, ලැබූවා වු නව වසරට සුභපැතුම් එක්කරමින් නව වසරේ ක්‍රමවත්ව රාජකාරී ඉටුකරන අයුරු පහදා දෙන ලදි. අනතුරුව චාරිත්‍රානුකූලව සකස්කරන ලද තේ පැන් සංග්‍රහය ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, පසුව රාජකාරි සුභ මොහොතින් ආරම්භ කරන ලදි.