Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th January 2020 16:32:12 Hours

2020 නව වර්ෂය ශ්‍රි ලාංකික/ලෝකවාසි සැමටම සෙත්පතා සිදු කරන ලද විශේෂ බෝධි පුජාමය පිංකම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය හා යටතේ පාලනය වන සියළුම සේනාංක මුලස්ථාන/ බළසේනා මුලස්ථාන/ පුහුණු පාසල් මෙන්ම සියළුම ඒකකයන් විසින් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ඇති වි ඇති ලැව් ගිණි හේතුවෙන් විපතට පත්ව මේ වන විට මියගිය සියළුයම දෙනා හා සියළුම සත්වයන් සිහිපත් කරමින් ජිවත්ව සිටින සියළුම දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරිම මුලික අරමුණින් යුතුව ශ්‍රි ලංකික/ලෝකවාසි සියළුම දෙනා හට අනපේක්ෂිිත සිදුවීම් වලින් ආරක්‍ෂා කිරිමේ අරමුණ පෙරදැරිව විශේෂ බොධි පුජාමය පිංකම් මාලාවන් රැසක් බළප්‍රදේශයේ නොයෙකුත් ස්ථානයන් ආවර්ණය වන පරිදි 2020.01.14 වන දින සංද්‍යා කාලයේදී සිදු කරන ලදි.

එමෙන්ම මෙම මුලය වෙතින්ද විශේෂ බෝධි පුජාමය පිංකමක් ආඥාපතිගේ උපදෙස් පරිදි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන බ්‍රිගේඩියර් කේ ආර් කේ කේ ටි බංඩාර ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධානත්වයෙන් මෙම මුලය හා ස්වේච්ඡා බළසේනා පුහුණු පාසලෙහි රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරියන් මෙන්ම සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් කහගොල්ල ආරන්‍ය සේනානසන විහාරස්ථානයේදි සිදු කරන ලදි.