Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2020 16:24:19 Hours

2020 නව වසර උදාව - ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම

නව වසර උදාවත් සමඟ රට තුල සෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය/ආරක්‍ෂක අමාත්‍යංශයන් මෙන්ම පුද්ගලික ආයතනයන් සියල්ලක්ම ආවර්ණය වන පරිදි විවිධ වු වැඩසටහන් හා උත්සවයන් සංවිධානය කරන ලදි. ඒ අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම 2020 නව වසර උදාව 2020.01.01 වන දින උදෑසන කාලයේදි අති උත්කර්ෂවත් අයුරින් සමරන ලදි.

එබැවින්, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වු අතර, ප්‍රථමයෙන් ශ්‍රි ලංකා ජතික ධජය හා ආරක්‍ෂක සේනා මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගායනා කරන ලදි.

තවද, නව අවුරුදු උදාව වෙනුවෙන් ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ අතිගරු ජනාධිපති තුමා විසින් නිකුත් කරන ලද රාජ්‍ය ප්‍රතිඥාව මේජර් ඒ එම් එස් අලහකෝන් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රකාශයට පත්කරන ලද හෙයින් ඒ හා සවන් දුන් සැවොම එක්ව ශබ්ද නගා කියවා ප්‍රතිඥාව ලබා දෙන ලදී. ඉන්පසු සියළුම නිලයින් වෙනුවෙන් චාරිත්‍රානු කූලව සකස්කරන ලද තේ පැන් සංග්‍රහයක් ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, පසුව සියළුම රාජකාරි සුභ මොහොතින් ආරම්භ කරන ලදි.