Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2021 18:31:37 Hours

20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 121 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් (03x45) ක 2021.07.22 දින සෙල්ල කතරගම ප්‍රජා භුම්යට අයත් මැණික් ගග දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩ සටහනක් දියත් කරන ලදී.

මෙම වැඩ සටහන 12 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජීපි රණවක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.