Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st April 2018 21:24:10 Hours

19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව වෙතින් තවත් සමාජ සත්කාරයක්

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 112 බළසේනා මුලස්ථානය යටතේ රාජකාරි නියුතු 19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව වෙතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ පිහිටි වෙරළුගස්තැන්න ශ්‍රි සුමනාරාම විහාරස්ථානයේ සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 මාර්තු මස 25 වන දින සිදුකරන ලදි.

ඒ අනුව 19 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරිගේ පුර්ණ උපදෙස් හා අධීක්ෂණය යටතේ එම ඒකකයේ රාජකාරි නියුතු 00 x 10 කින් යුත් භඨපිරිසක් තත් වැඩසටහන් සාර්ථක කරලීම සඳහා තම ශ්‍රම දායකත්වය ලබා දෙන ලද අතර, එම වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දිම සැබැදිව එම විහාරස්ථානයේ විහාරාධීපති ස්වාමීන් වහන්සේ ඇතුලු විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ ප්‍රසංශාව යුද්ධ හමුදා සාමාජිකයින් වෙත පිරිනමන ලදි.