Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd August 2021 11:43:28 Hours

18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් පිළිසරණ වැඩිහිටි නිවාස‍ය - මොනරාගල පිරිසිදු කිරිම/දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩ සටහනක් එක්වෙති

121 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භටපිරිස් 03x70 ක 2021.07.21 දින පිළිසරණ වැඩිහිටි නිවාස‍යේ - මොනරාගල පිරිසිදු කිරිම/දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩ සටහනක් දවස පුරා දියත් කරන ලදී.

මෙම වැඩ සටහන 12 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජීපි රණවක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.