Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th June 2018 22:28:39 Hours

18 වන ගැමුණු හේවා බළ ඇණිය වෙතින් තවත් ආගමික සත්කාරයක්

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකය යටතේ රාජකාරි නියුතු 18 වන ගැමුණු හේවා බළඇණිය වෙතින් ගල්ටැම්මාණ්ඩිය විහාරස්ථානයේ දි 2018.06.16 වන දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්නවන ලදි.

තත් ශ්‍රමදාන වැඩසටහන් සඳහා එම බල ඇණියේ අණ දෙන නිලධාරි තුමාගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්වු අතර, එකකයේ රාජකාරි නියුතු 00 x 20 දෙනෙකුගෙන් යුත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ සඳහා තම ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි. එම මහගු පුණ්‍යකර්මය සඳහා සහභාගිවු සියළුම දෙනටත් සමස්ත යුද්ධ හමුදාව වෙත විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ප්‍රසංශාව පුදකරන ලදි.