Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2018 17:53:12 Hours

18 ගැහේබ බළඇණි පුහුණු පාඨමාළා සමාප්ති උත්සවය

මෙම ආරක්ෂකසේනා මුලස්ථානය යටතේ ඇති 12 සේනාංක මුලස්ථානය මගින් පාලනය වන 18 ගැහේබ බළඇණිය තම වාරයේ බළඇණි පුහුණු පාඨමාළාව මෙම ආරක්ෂක සේනා මුලස්ථාන පුර්ණ අධීක්ෂණය යටතේ 2018.02.16 වන දින ආරමිභ කර 2018.04.10 වන දින සාර්ථකව අවසන් කරන ලදි. එහි දී බළඇණියේ කණ්ඩායම් මගින් පහත සඳහන් විෂයන් යටතේ (presentation) ඉදිරිපත් කිරිම 2018.04.10 වන දින සිදු කරන ලදි.

කාවන්තිස්ස රජතුමා

දුටු ගැමුණු රජතුමා

විහාර මහා දේවිය

එළාර රජතුමා

තවද, සමස්ථ බළඇණිය මගින් විජිතපුර සටන සමිබන්ධයෙන් දේශණ ඉදිරිපත් කිරිම ප්‍රධාන අමුත්තා වශයෙන් මෙම ආසේමු කර්නල් ප්‍රධන මාණ්ඩලික නිලධාරි වන කර්නල් සි එස් මුණසිංහ ඩබිඩබිපි ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉදිරියේ සිදු කරනු ලැබු අතර, අවසන් දේශණය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.