Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2021 09:39:40 Hours

18 ගැමුණුහේවා රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත 12 වන පාබල සේනාංකයට අයත් 121 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 ගැමුණුහේවා රෙජිමේන්තුවේ භටපිරිස් 2021.07.22 දින කටුගහගල්ගේ පුරාණ රජමහා විහාරය බුත්තල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන 12 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජීපි රණවක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 18 ගැමුණුහේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සාර්ථකව සිදුකරන ලදී.