23rd August 2024 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 18 වන ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් වතුරුවාවිල රජමහා විහාරය - කතරගම සහ මොණරාගල එස් ඕ එස් ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 23 වන දින පවත්වන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය 121 පාබල බලසේනාධිපතිගේ මඟපෙන්විම යටතේ ආරම්භ කරන ලද අතර, 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. යුද්ධ හමුදා භඨ පිරිස් විසින් සිදු කරන ලද මෙහෙවර විහාරාධිපති හිමියන් සහ එස් ඕ එස් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ බලධාරීන් විසින් ඇගයීමට ලක් කරන ලදී.