Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2018 12:33:47 Hours

121 බළසේනා සාමාඡිකයින් පාසැල් පොත් බෙදාදිමේ උත්සවයක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මූලස්ථානය බළප්‍රෙද්ශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18 ක අධ්‍යාපනය ලබන ළමුන් 1001 දෙනෙකු සදහා කුඹුක්කන ගංගාරාමය විහාරස්ථානයේ 2017.12.04 හා 2017.12.05 වන දින වැල්ලවාය වෙහෙරයාය කණිෂ්ඨ විද්‍යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 121 බළසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

තවද, 2017.12.08 වන දින සියඹලාන්ඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී සියබලාණ්ඩුව ප්‍රාදේශීය ලේඛමි කොටිඨාශයට අයත් තෝරා ගත් පාසල් 06ක ළමුන් 250 ක් සදහා පාසල් උපකරණ බෙදාදුන් අතර, එහිදී වෛද්‍ය සායනයක්ද පවත්වන ලදී. මෙම මහගු වැඩසටහන සදහා 121 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒ එන් එන් කොස්වත්ත ආර්ඩබිලිවිපී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී හා 121 බළසේනා මූලස්ථානයේ රාඡකාරී නියුතු නිලධාරී/සෙසුනිළයින් 06 x 08 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා කොළඹ කැපිටල් සිටි රොටරි සමාඡයේ පූර්ණ දායකත්වයෙන් සිදු කරන ලදී.