Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th January 2020 10:51:01 Hours

121 බළසේනාව 6 වන සංවත්සරය අති උත්කර්ශවත් අයුරින් සමරයි

ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 121 වන බළසේනාවේ 6 වන සංවත්සරය වත්මන් බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීම ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ‌ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත බළසේනාවේ රාජකාරි නියුතු සියළුම ‌ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් 2020.01.09 වන දින පවත්වන ලදි.

එහිදී බළසේනාධිපති තුමන් හට 18 වන ගැමුණු හේවා බළඇණිය වෙතින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, පසුව එම සංවත්සර දිනය සනිටුහන් කිරිම වස් කඳවුරු භූමියේ බළසේනාධිපති තුමන්ගේ සුරතින් අඹ පැලයක් රෝපණය කරන ලදි. ඉන්පසු සියළුනිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසු දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදි.