Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2018 12:10:22 Hours

12 සේමු වෙතින් ලේ දන්දිමේ කදවුරක් පැවැත්වීම සදහා සහයෝගය ලබාදිම

12 වන සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් තිස්සමහාරාම ‍ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ උඩුවිල සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට අයත් තිස්සපුර ප්‍රබෝධා සමිතිය විසින් සංවිධානය කරන ලද ලේ දන්දිමේ කදවුරක් 2018.06.02 වන දින හම්බන්තොට තිස්සපුර කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදි. එම ලේ දන්දිමේ කදවුර සඳහා 122 බළසේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.

තවද, එම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මෙවැනි සත්ක්‍රියා ඇගයිමට ලක් කරමින් එහි පැමිණි ප්‍රබෝධා සමිතියේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.