Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st June 2018 09:42:07 Hours

12 සේමු වෙතින් ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්වීම

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පුර්ණ උපදෙස් යටතේ පසුගිය දිනවල පැවති ආයහපත් කාළගුණික තත්වය හෙතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් දුරලිමේ අදිටනින් මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථාන පාලන බළ ප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් අපවිත්‍ර වන හා නිතර ජනයා ගැවසෙන ස්ථානයන් සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 ජුනි මස 18 වන දින යුද්ධ හාමුදා සාමාජිකයින් විසින් සිදුකරන ලදි.

ඒ අනුව තත් වැඩසටහන සාර්ථක කරගැනිම සදහා නිළධාරින් හා සෙසු නිළයින් 03x66 කින් යුත් කණ්ඩායමක් සහාභගි වු අතර මෙහිදි යුද්ධ හාමුදා සමාජිකයින් විසින් කාන්ඩායම් පහකට බෙදි සුද්ද පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකල අතර මෙහිදි යාල මර්ගය, දිසා රෝහල කතරගම , දිසා රෝහල බුත්තල, මුලික රෝහල මොණරාගල , හා 10(සෙව්) ඉසේරෙ වෙතින් එම එකකය සුද්ද පවිත්‍ර කරගැනිමේ කටයුතු සිදුකරන ලදි. මෙහිදි මදුරුවන් බෝවන ස්ථාන හා පොලිතින්,ප්ලාස්ටික් බෝතල් අදිය මෙන්ම නිරන්තරයෙන් ජලය රැදෙන ස්ථාන පිරිසිදු කිරිම සිදු කරන ලදි.

මෙහිදි එම ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් විසින් යුද්ධ හමුදාව වෙතින් සිදුකරන ලද මෙම මහගු සාත්කාරයය අගයමින් ප්‍රසංශාස කල අතර, මෙමගින් යුද්ධ හමුදාව කෙරෙහි මහත් වු ගෞරවයක් හා විශ්වාසයක් සිවිල් ජනතාව අතර ඇති කරවිම හා තම දෛනික වැඩකටයුතු පහසු කරවිමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.