Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2018 18:05:46 Hours

12 වන සේනාංකයේ නව සේනාංකාධිපති තුමා විසින් රාජකාරි ඇරඹිම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එන් ඩී වන්නිආරච්චි ඩබිලිවිඩබිලිවිපි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 පෙබරවාරි මස 09 වන දින 1018 පැයට සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙහිදි නව සේනාංකාධිපති තුමන් හට 10 (සෙවි) ගැමුණු හේවා බලඇණිය විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම අවස්ථාව සිහිගැන්වීම වස් කදවුරු භූමිය තුල සුදු හදුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයක් සදහාද සහභාගි වන ලදී.