Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2022 08:30:25 Hours

12 වන පාබල සේනාංකයේ සෙනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

12 වන පාබල සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.09.13 සහ 14 දෙදින තුල 121 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 20 වන ශ්‍රිලංකා සිංහ රේජිමේන්තුව, 18 ගැමුණුහේවා බඇණිය යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි.

මෙහිදී සේනාංකාධිපති තුමන් යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව පිළිගත් ඒකක අණදෙන නිලධාරී වරුන් තම ඒකක බලප්‍රදේශය පිළිබඳව දැනුවත් කරන ලදි. අනතුරුව භටපිරිස් ඇමතූ සේනාංකාධිපති තුමන් මේ දක්වා ඒකක තුලින් සිදු කරන ලද සේවය ඇගයිමට ලක්කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.